මීයා කුඩා සතෙකි. මීයාට කේන්ති ගියාම පුම්බනවාය, එක එක පාට මීයෝ සිටිති. මීයා කුඩා කාළයේදි ලොම් නැත. ලොකු වෙන කොට ලොම් ඇවිත් ලස්සන වෙනවාය. ලස්සන මීයෝ මෙන්ම කැත මීයෝද ඇත. එක එක පාට මීයෝත් ඉන්නවාය. ඔය කොයි මීයාටත් පූසෝ කැමතිය. මීයෝ ගිලින්න පූසා මනාපය. ගිලින්න කලින් මීයා එක්ක සෙල්ලම් කරන පූසොත් ඉන්නවාය. මීයා ජීවත් වන්නේ ගුල් වලය. ගුල් නැත්නම් මීයෝත් නැතිය. සමහර මීයෝ හැම ගුලටම රිංගනවාය. එහෙම රිංගන එක හොඳ නැතිය. එක එක ලෙඩ හැදෙනවාය. මීයන්ට කැමති කොල්ලෝත් ඉන්නවාය. ඒ උනාට වැඩියෙන් කැමති කෙල්ලෝය. කොච්චර කැමතිද කියනවානම් කටෙත් දාගන්නවාය. කිසිම අවුලක් නැතිය. මීයාත් කොල්ලන්ට වඩා කෙල්ලන්ට කැමතිය.


මීයෝ ගුල් වලට මෙන්ම පෙට්ටිවලටත් කැමතිය. මීයා අල්ලන්න ලේසි නැතිය. ලිස්සලා යනවාය. සමහර මීයෝ කකුල් අස්සෙන් යනවාය. එහෙම ගිහින් හෙමිහිට ගුල් වලට රිංගනවාය. මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව, මීතොටමුල්ල, මීමැඩුම. එයින් සමහරක්ය. මීයාට ලග්නයක් ඇත උන්ගේ ලග්නය මීනය. සමහර මීයන් බොහෝ හික්මුනු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික්මීයන් ලෙස හඳුන්වනු ලැබේ. එළවළු වවන මීයන් බටු මීයන් ලෙසද. කොස්ගස් හන්දියේ මීයන් කොස් ඇට මීයන් ලෙසද..සත්ව පාලනයේ යෙදෙන මීයෝ ඌරූ මීයෝ ලෙසද හඳුන්වනු ලැබේ.

මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය ඒ සඳහා යොදාගන්නා කතුරු මී කතුරු ලෙස හඳුන්වනු ලැබේ. මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක්ද ඇත ඒ මී මැස්සෝය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේය. මීයාගේ ලොකුම විශේෂය මී හරක්ය. මීයාගේ හොටු වලින් මී ඉටිද, පැණි හල මීයන්ගේ පැණි වලින් මී පැණිද, කිරි වලින් මී කිරිද නිෂ්පාදනය කරණු ලැබේ. කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි එයට මීදුම යයි කියනු ලැබේ. මීයා අරක්කු නිෂ්පාදනයට සමත්ය. ඒවා මීවිත නමින් හැඳින්වේ. සමහර මීයෝ අනුන්ට කරදරකාරී ලෙස ජීවත්වේ. ඔවුන් මීවද ලෙස හැඳින්වේ.

බොහෝ මීයෝ උන කාරයෝය. උන්ට මී උන ඇතැයි සමහරු කියති. මීයාගේ ගෑණු සතා මී දෙනය. මීයාගේ සීයා මී මුත්තාය. ආච්චි මී ආච්චිය. මාළුවාගේ කෑල්ල මාළු කෑල්ල මෙන් මීයාගේ කෑල්ලා මීනාය. මාමා මීමාය. මාමේ මූ මීමා කියන්නේ මීයන්ය. මීයෝ පාටී දාන්න එක් රැස් වෙන්න කැමතිය. ඒවට කියන්නේ මීටින් කියාය. මීයන්ගේ බර මනින්නේ මීටර් වලින්ය. මීයාගේ ප්‍රධාන ආහාරය මී පාසානම්ය. ඇතුරු පස ලෙස මී අඹ කෑමට කැමතිය. මීයන් විසින් සොයාගත් වායුවක් ඇත. එහි ව්ද්‍යාත්මක නාමය මීතේන්ය. මීයාගෙන් රෝගද බෝවේ. මීමැස්මොරය ඉන් ප්‍රධානය. කොම්පියුටර් අසලත් මීයෝ සිටිති. සමහර උන්ගේ නැට්ට දිගය. සමහර උන්ගේ කොටය. සමහර උන්ට නැට්ට නැත. උන් ඉඳ හිට ක්ලික් ශබ්දයක් නිකුත් කරයි.

මීයා රෙදි කපන්නේ මීකතුරෙනි.මීයා වඩාත් කැමති පළතුර මී අඹයි නමුත් මීපාසානම් උෟට පේන්න බැරිය.ශිරෝමී,නයෝමී යන ප්‍රකට මීයෝ ජීවත් වන්නේ මීවතුර ගමේය.එය පේරාදෙණිය අසල ගමක් වන අතර මීයාටම අයිති දෙනිය මීදෙනියයි.

පස්සෙන් යන මීයෝ ෆලෝමී ද,අවසර ගන්නා මීයෝ එක්ස්ක්‍යුස්මී ද වන අතර, කතා කරන මීයෝ ටෙල්මී වේ.මොනව උනත් අවසානයට ප්ලීස් ෆොගිව් මී ය.