ෆින්ගර් ලිකින් ක්‍රිකට් කෙලිය...
Posted by බයියා on Friday, January 27, 2012
ෆින්ගර් ලිකින් ලොක්කා ඇවිත් ඔරියන් සිටී කොම්පැණි ටික එකතු කරගෙන ක්‍රිකට් තරඟාවලියක් දාන්නලු යන්නේ... මේකට ස්පොන්සර් කරන්නේ පිස්සු හැදෙන කොම්පැණි ටිකක් කියලයි කට්ටිය කියන්නේ...HSBC, සිරස ටීවී වගේ එව්වාලු මේකට සල්ලි දාන්නේ..මෙඩිගේන් එකෙන් ටීම් 2ක් ම ගේමට දාන්න යනවලු...එතකොට අනිත් කොම්පැණිත් ඔය වගේ ටීම්ස් එවනවලු.
තරඟ කොන්දේසි විදිහට කියන්නෙ සෙල්ලන් කරන්නේ 9 දෙනයි. සොෆ්ට් බොල්, ඔවර 8යි. වෙනමම umpiresල ගෙන්නනවලු එදාට.හැම ටීම් එකක්ම එකවගේ ටී ෂර්ට් පාරක් දාන්නත් ඕනෙලු.
තරඟයේ ආරාධිත අමුත්තා ඇවිල්ලා අර්ජුණ රණතුංග කියලයි බයියගේ කණට වැටුනේ. තරඟ විචාරය කරන්නෙත් නමගිය පොරක්ලු...
තරඟය දිනන කණ්ඩායමට රු.25000ක්ම පෙටි කැෂ් කරනවාලු. ඒ වගේම තරඟයේ වීරයාටත් කීයක් හරි දෙයි කියලයි කියන්නේ....
තරඟාවලිය පෙබරවාරි මුල් සතියෙම ඉවරයක් කරන්නලු ගැන්සිය කතාකරලා තියෙන්නේ...
කොහොමද ෆින්ගර් ලිකින් ලොක්කාගේ මාර්කටින් පාර....හොඳ වෙලාවට මැන්ස් ඔයිට වඩා උස ගියේ නැත්තේ..... තනි ඇහැට ඇඬෙනවා නෙහ්.......

