ශන්ය ගේ මගුල් ගෙදර දවසේ සුදර්ශිට උන අකරතැබයක් ගැන බයියාට අරන්චි උනා. කතාවේ හැටියට Church function එක තිබිල තියෙනෙ Holy Emmanuel Church එකේ. සුපුරුදු පරිදි අපෙ ගැන්සිය පරක්කු වෙලා හරි Church  එක හොයා ගත්තා කියමුකො. වෙන වෙන වාහන වලින් ආපු නිසා කවුද අවේ කවුද නත්තේ කියල කටියට මීටර් වෙලා නෑ. කොහොම කොහොම හරි උත්සවය ඉවර වෙලා කටිය මීට් උනාට පස්සේ සුදර්ශිව හොය ගන්න බෑ ලු කොහෙවත්. බලන කොට මෙයා මොරටුවේ මෙතොදිස්ත පල්ලියක තිබුන වෙන මගුල් ගෙදරකට ගිහිල්ලා බලන් ඉනවලු ශන්යා එනකල්.


ටික වෙලවක් යද්දි Bridesmaids ගේ ඇදුම් වල design එක දැකල තමයි මෙයාට තෙරිලා තියෙනේ, මම මේ වෙන වැරදි මගුලකට නේද ඇවිල්ල තියෙනේ කියල. කොහොම උනත් ශන්යාගේ වෙඩින් මාස් එක ඉවර වෙන්න කලින් හරි Church එක හොයා ගන්න පුලුවන් උනා කියල තමයි බයියාට ආරන්චි උනේ.