සුදර්ශිව ගෙදර යැවීමේ කතා වස්තුවේ පෙර ඔබ නොදත් විස්තර මේ බයියට ආරන්චි උනා..


මේ කතාව පටන් ගන්නෙ ජොර්ජ් ල මේක දාල ගියපු තැනින්.. බයියට ආරන්චි උන විදිහට ඒ 3 දෙනාටම එකටයි යන්න කියල උඩ රටින් විදානෙ ඇවිත් තියෙන්නෙ.. අර ඩබල සද්දෙ දාල ගියාට අහින්සක කෙල්ලට යන්න බැහැනෙ එහෙම.. මෙයා ඉතින් කාටත් නොකියා අස්වීම දීලා ඉදලා..

අලුත්ම ගොසිප් එක තමයි දැන් සුදර්ශිට ඉන්න කියල මාසා බල කරනවලු..

එත් ඉතින් යන්න කියද්දි යන්නයි ඉන්න කියද්දි ඉන්නයි අපි මොක්කුද කියලා අපේ සුදර්ශි කෙල්ල ගෙදරම යන්නයි ලෑස්තිය.. මොනව උනත් එයා නොසැලී ඉන්න එකත් මුන්ගෙ ලොකුකමට හොද වැඩේ කියල මේ බයියට හිතෙනවා..

අපි ඔක්කොම සුදර්ශි නඟා ට සුහ අනාගතයක් පතමු!!