හතර වෙනියත් යන්නයි ලෑස්තිය.. බයියට ආරංචි උන විදියට මෙයා නම් ශන්යා , කරීම් ටත් කලින් දුවන්නයි යන්නෙ.. ඒ කියන්නෙ සඳුදා ඉදන් මලු.. අනේ මන්දා ඉතින් බයියට දැන් යන සංගමේ ඒවා ඇරෙන්න වෙන නිව්ස් නෑ වගේ අප්ඩේට් කරන්න..


හැබැයි ඉතින් මේ යන කෙනා ඔයාලා කාගෙ කාගෙත් ඇනුම් බැනුම් ඇහුව, ඒ වගේම උදව් පදව් කරගෙන ලොක්කගෙ වැඩ සහ සොක්කගෙ වැඩත් කරගෙන..ලොකු රෝල් එකක් කරපු කෙනෙක්... මෙයා කරපු ලොකු වැඩ අතර සික්කලා ලොකු මේසෙන් පොඩි මේසෙට දාපු එක කැපී පේනවා.. දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ කව්ද කියල..  ඔව් ඔව් අප්පා.. එ නඟා තමයි..

බයියගෙත් හිතට දුකයි ඉතින්.. කරන්න දෙයක් නෑ නේ.. කොහෙ ගියත් ඉතින් යන තැන ස්ථාවර එකක් නේ? හරි.. සුභ පතමු නේද එයාටත්? මෙන්න බයියගෙ සුභ පැතුම්!!! ජයෙන් ජයම වේවා!!!