මහ රෑට විරහ දුක මකන අපේ සාම විනිසුරු..

බයියාටත් දැන් නිව්ස් ගලා එන්නෙ නිකන් රොකට් එකෙන් පොල් බෙදනවා වාගෙනේ.. මෙන්න ටිකක් පරන උනත් ආතල් නිව්ස් එකක්.. හැබයි මේ නිව්ස් එක වටින්නෙ බූට් කාපු කෙල්ලන්ට.. හහ් හහ් හා.. කෙල්ලනේ.. බූට් කෑවම මාර ප්‍රශ්න නේද? කියාගන්න කෙනෙක් නැතුව ප්‍රශ්න හිතේ තියන් ලතැවෙන්න එපා.. දැන් අපි ලග ඉන්නවනේ එස් එම් එස් මගින් දුක මකන එල කොල්ලෙක්..
මේක උනේ අපේ කෙනෙක්ට සති දෙක තුනකට කලින්.. බූට් කාපු කෙල්ලෙක්ට මහ රෑ 11ට විතර යවපු එස් එම් එස් එකක් වැරදිල කොල්ලෙක්ට ගිහින්.. හොදම වැඩේ කියන්න ඒකත් ගිහින් තියෙන්නෙ බයියාගෙ නිව්ස් ගැන්සියෙ බුවෙක් ලගට.. එස් එම් එස් එක කෙටියෙන් මෙහෙමලු..
"නංගි.. ඔයා කලබල වෙන්න එපා..ලෝකෙ කොල්ලො ඉන්නෙ එච්චරද? අනික ඕව ටික දවසකින් ඇරිල යයි.. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.. ඔයාට ඕනි වෙලාවක මම ඉන්නව"
කොහොමද කොල්ලගෙ වැඩ? එලකිරි නේද? මෙන්න බුවාට බයියා ගානෙ මාකටින් පාරක්..
ඔබගේ දුක හඳුනන, දිවයිනටම සාම විනිසුරු (බූට් විශේෂ ) අයියා... වරක් එස් එම් එස් කර වෙනස වටහාගන්න.. ඔබේ දුක මට මගෙන් සැනසුම ඔබට!! ලස්සන කෙල්ලන්ට විශේෂ වට්ටම්.. රාත්‍රියට පමණයි..
කොන්ටැක්ට් තෘ බයියා.. ඊ මේල් නැත.. එස් එම් එස් පමනි..

