බයියා විසින් පවත්වාගෙන ගිය මනාප පොරය උඩුයටිකුරු කරමින් මෙවර ලක්ෂ්මන් අයියා සිය බලපරාක්‍රමය විදහා දක්වන ලදී. සිහිනයක් ලෙස පැවති The Spirit of Winning මෙවර සිය කණ්ඩායමේ ප්‍රමුඛ සාමාජිකාවක් වන ෂන්යා වෙත හිමිව ඇත.

මනාප ප්‍රතිඵල



මෙම මනාප ප්‍රතිඵල සලකා බැලීමේදී වඩාත් තහවුරු වී පැවතියේ සියයට 89% "නැත" යන්න හා සියයට 11% ක් "ඔව්" ලෙසයි. කෙසේ හෝ මෙම ප්‍රතිඵල සාවද්ය කරමින් දෙසැම්බර් The Spirit of Winning තේරී පත් වී ඇත.

මෙහිදී කිවයුතු කරුණක් වන්නේ බහුතරය දරණ අදහස් සෑම විටම නිවැරදි නොවේ යන්නයි. කිසිවකුට තවත් අයෙකු බාහිරින් මැන බලා තීරණයක් ගැනීම කෙතරම් දුරකට සාධාරණ දැයි අප විසින්ම සලකා බැලිය යුතු කාලය එලැඹ ඇතැයි සිතමි.කිසිවකු අතින් සිදුවූ යම් යම් නොරුස්නා සුළු ක්‍රියාවන් මත සියළුම මිනුම් දඩු ඒ තුල සිරගතව අවසන් තීරනයන් ට එලැඹීම පටූ පරිකල්පනයක් වන බැව් සිහිතබා ගන්නා ලෙස ප්‍රකාශ කරමි.


තවදුරටත් මෙම මනාප තුලින් අප විසින් කිසිවකු අපහසුතාවයකට ලක් කිරීමට කිසිලෙස බලාපොරොත්තු වුයේ නැත... මෙය හුදෙක් පැවති තත්වයක් හුවා දැක්වීමක් පමණි....

මේ සඳහා මනාප ලබාදුන් ඔබ සැමට තුති........