ආරංච් විදිහට එන අඟහරුවාදා ලංකාවට මුලු ඇඟේම Cost Cutting තියෙන බුවෙක් බහිනවාලු. මිනිහා ඇඩ්මින්(Admin) එකේ හෙන පොරක්ලු. සුරාජ් බට් කාරයත් මිනිහා එක්ක කතා කරන්නෙ ටිකක් බයෙන් කියලයි බයියගේ කනේ වැටුනේ.ඔය එන බුවාගේ නම ඇවිල්ලා පුනීත් බිරාණි ලු.

මිනිහාගේ පලවෙනි මීටින්(Meeting) එක තියන්නේ ඔරියන් සිටී(Orion City) ගැන්සියත් එක්ක ඒ නිසා අපේ ඇඩ්මින් මහත්තයත් ටිකක් තක්කුමුක්කු වෙලා තමයි ඉන්නේ.මොකද ඔරියන් එවුන් මොනවා කියයිද කියලා ෂුවර් නැති හින්දා..

අපි බිල්ඩිම අරගෙන අප්‍රේල් වලටලු අවුරුදු 2ක් වෙන්නේ. මිනිහා මෙහෙට ඇවිත් තියෙන්නේ Agreement එක අලුත් කරන්න හරි කොටකරන්න හරිලු.කොස්ට් එක වැඩිනන් මේක වහලා දාන්නත් බැරි නෑ.මොන දේ උනත් ඔය පුනීත් අපේ කණින් රිංගලා යන ජාතියේ පොරක් හින්දා මේ දවස් වල අපේ ගැන්සිය ටිකක් වටේට ඇන්ටනා හයි කරගෙන හිටපල්ලා කියලා තමයි මේ බයියගේ ඇඩ්වයිස් එක.

දැන් ඔය පුනීත් කියන බුවයි සුරාජයයි එන අඟහරුවාදා අපේ ප්ලේස් එකට එනවා එදාට අපේ සෙට් එක ටිකක් පිලිවෙලකට හිටපල්ලා. මොකද අපේ එවුන් වැඩකරන්නේ නැ කියලා දැක්කොත් අනිවාර්යයෙන් අපේ ට්‍රාන්ස්පොර්ට්,ටී මැෂින්,ඔය නිකන් දෙන ආතල් ඔක්කොටම ඔය පුනීත්කාරයා කෙලවන්න පුලුවන්.

කොහොමහරි අපේ ගැන්සියත් එක්ක මීටින් එකක් තියන්නත් බැරි නෑ ඒක නිසා මීටිමක් තිබ්බොත් ටිකක් මොලේ පාවිච්චි කරලා අහන දෙයක් අහපල්ලා. කොහොමත් එක එක එව්වා ඔකාගෙන් ඉල්ලලා වැඩක් නෑ ඔකා දෙන දෙයත් නොදී ඉන්න ජාතියේ බුවෙක් ලු.

පුනීත් ඇවිල්ලා ගියාට පස්සේ බයියා හරියටම කියන්නන් මේක අද වහයිද නැත්තන් තව මාස 6කින් වහයිද කියලා....මෙඩිගේන්(Medigain) එකේ එවුන් හිතන් ඉන්නේ ලඟදි අපේ එක වහනවා කියලා තමයි....

මොනවා උනත් ඉතින් අපි මේක රැකගෙන ඉන්න එපැයි...