අවුරුදු ගානකට පස්සෙ ඔන්න ඔෆීසියේ පොඩි ඉන්ටර්විව් පාරක් දාන්න යනවලු..වැඩේ පටන් ගන්න යන්නෙ ලබන සතියේ කියලයි බයියට ඩයල් උනේ. කස්ටිය දන්නවා ඇතිනේ මොන සීට් එකටද කියලා.....අප්පට සිරි සුකර උණ හැදිලා වගේ මමත් පිස්සු කතා කරනවා..මේකේ සීට් කීයක් නන් හිස්ද අම්මපා...
බුල් ටොක්ස් වැඩක් නැ.... මෙදා පාර ගන්න හදන්නේ අපේ ලොබී එකටලු..අර මේ ඊයේ පෙරේදා ගිය නඟාගේ ප්ලේස් එකට...
මෙදා පාර පොඩි කොලුපැටියෙක්ටලු වැඩිපුර ආස කියලයි ඇඩ්මින් පැත්තෙන්නන් පත්තු උනේ... ඔව්වා ඉතින් කොහොම වේයිද දන්නෙ නෑ....

එක එක කතා අස්සේ අපේ පොඩි මාසා ගියා නෙවෑ.. ඔන්න දැන් ලොකු මාසත් හිතේ දුකට මාරු වෙන්න යන්න හදනවා කියලයි ආරංචිය..අන්තිම දවස් ගානද දන්නෙත් නෑ ඔය දැන් ගත කොරන්නේ... මේ අපේ කොල්ලන්ට කියන්නේ....ඒක නිසා ඔය එක එක එව්වා හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම අහලා බැලුවොත් නේද හොඳ?? මෙච්චරකල් බැලුවේ එහාට මෙහාට යනවා විතරනේ කෙලින්ම අහපල්ලා..අඩුම තරමේ යන එක හරි නවත්තගන්න බැරි යෑ... කොහොමද 1 දුන්නොත්.......

දැන් බයියට තියෙන ප්‍රශ්නේ තමයි අර අලුතින් ගන්න පොඩි කොලු පැටියට අපොයින්මන්ට් එක කවුද දෙන්නේ කියලා... එහෙන් තව මාසෙක් මාස ගානකට එනපාටක් නැතිලු...

ඔය අස්සේ දැන් මේ ගන්න පොඩි එකා අප්‍රේල් පහුවෙලා ආවොත් තියාගන්නේ ODC 01 එකේද ODC 02 එකේද කියලා කස්ටියක් දඹර කලන්තේ දාගෙන හිතනවලු.....ඌට බැරිවෙලාවත් ODC 02 එකට එන්න උනොත් මොනවා හිතේයිද?