කාලෙකට පස්සේ අපේ ගැන්සියට ඔන්න පොඩ් කික් එකක් තියෙන නිවුස් එකක් තියෙනවා....මොකක් වෙයි කියලද හිතන්නේ....
එදා ඉඳන් කෙලවෙලා යන නිවුස් එකක් මිසක් කික් එකක් තියෙන නිවුස් එකක් අහන්න ලැබිලම නැති හින්ඳා හිතාගන්න අමාරු ඇති නෙහ්.......

ගයිස්ලට මතක ද අර ඇනුවල් ලීව්(Annual Leave) කියලා ජාතියක් තිබ්බා..... ඔය ගොල්ලො ඒ ටික ඔක්කොම පාවිච්චි කලාද????? නැත්නන් ලීව් එක ගන්න යන කොට ලොක්කා ලෙඩේ ඇද්දද??? එහෙම උනානන් දැන් ලොක්කට පින් දීපල්ලා..... ලොක්කා ඔයා ගැන හිතලම තමයි ලීව් ගන්න දීලා නැත්තේ...... දැන් අපිට අර ඉතුරු වෙලා තිබ්බ ඇනුවල් ලීව් ටිකට සල්ලි ගෙවන්න යනවා කියලා බයියට පොඩි ඇලට් එකක් ආවා...මෙව්වා ගෙවන්නේ කවද්ද කීයක් විතර ලැබෙයි ද කියලනන් බයිය තාම දන්නේ නෑ.... මේක අමුම අමු කැරට් එකකුත් නෙමේයි ටිකක් තම්බලා තමයි තියෙන්නේ.....ඒක  නිසා ටිකක් දිරව ගන්න පහසුවෙයි.... ටිකක් ඉවසලා ඉන්න පුතාලා......

දැන් ලීව් ටික අරන් ඉවර කරගත්ත සෙට් එකට කියන්න තියෙන්නේ ඊලඟ පාරවත් ගන්න හිතා ගනිල්ලා...ඉස්තාලෙ වහලා ඉවරයි වස්තුවේ.....