ඩෙන්සිල්ට මේ ලඟදි මාර වැඩක් සෙට් වෙලා තියෙන්නෙ. ඩෙන්සිල් රවී මහත්තයගෙ බ්ලුටූත් හේඩ් සෙට් එක හොරකන් කලා කියල තමයි  story එක යන්නෙ.

ඇත්තටම මිනිහා රවී මහත්තයට එයගෙ කැබ් එකේ අමතක වෙලා ගිය බ්ලුටූත් හේඩ් සෙට් එක දෙන්න ගිහිල්ල තමයි මෙක වෙලා තියෙන්නෙ. පස්සෙ කැබ් කාරයා අයෙත් ඇවිත් ඩෙන්සිල්ට හේඩ් සෙට් එක දීල ගිහිල්ල රවී මහත්තයට දෙන්න කියල. එදා ඩෙන්සිල් බ්ලුටූත් හේඩ් සෙට් එක රවී මහත්තයට දීලා.

ඔන්න ආයෙත් සැරයක් රවී මහත්තයගෙ බ්ලුටූත් හේඩ් සෙට් එක නැති කරගෙන. ඉතින් රවී මහත්තය පස්සෙ ඇවිත් Security එක්කෙනෙක් ගෙන් අහලා මගේ හේඩ් සෙට් එක දැක්කද කියලා. ඉතින් ඔතන හිටිය සික්කෙක් කියලා "ආ ඔව් මම දැක්කා ඩෙන්සිල් ගාව තියෙනව කියලා" මිනිහා පරණ Story එක කියල හිතලා.

ඔන්න ඉතින් ඩෙන්සිල් වැඩට ආපු දවසක රවී ආයෙත් අහලා ඩෙන්සිල්ගෙන් මගේ හෙඩ්සෙට් එක ඔයා ගාවද? කියලා. ඉතින් ඩෙන්සිල් කියලා මගේ ලඟ නැ කියලා.ඩෙන්සිල්ටත් එවෙලෙ පොඩ්ඩක් හැබැයි භාෂාව පැටලිලා.

පස්සෙ රවී ගිහින් තියෙන්නෙ ටිකක් අප්සෙට් මූඩ් එකකලු. මිනිහා ගියේ නිකන් ඩෙන්සිලා හොරා කියල හිතුව වගේලු....