මේ ස්ටොරිය ඇවිල්ලා ඔෆීසියේ බොහොම ප්‍රසිද්ධ කටකතාවක්.ස්ටොරිය ගින්දර එකක් නිසා ඔන්න බයියා එලියට දැම්මා...මේ කතාවේ කතා නායකයා ඇවිල්ලා ඔය ගෑණුළමො (40 වැඩ්) සම්බන්ද බොහොම උනන්දුවක් තියෙන බොහොම වැදගත් පොරක්... දැන් කස්ටියට බුවා කවුද කියලා මීටර්  ඇති ....

දැන් ඔය මෑන්ස් බොහොම කැමතියි සෙනඟ වැඩි බස්වල නැගලා යන්න... කොච්චරද කිව්වොත් සෙනඟ නැත්නන් බස් එකට නඟින්නේ නැති තරම්..

ඔන්න ඉතින් දවසක් පොර බස් එකේ හිරවෙලා යන කොට එක ගැණුළමයෙක් ගාව මැද පොල්ල(බස් එකේ) අල්ලගෙන යනවාලු.. ඔහොම යනකොට අර නංගිගේ කරේ පොඩි නූල් කැල්ලක් තිබිලා..... ඕක දැක්ක අපේ මෑන්ස් පැන්න ගමන් ඇහුවලු අර නංගිගෙන් කනට කරලා... "අ..හ්ම්...නංගි ඔයා වැඩ කරන්නේ ගාමන්ට් එකකද කියලා"..

හැබැයි මේ නංගිත් එසේ මෙසේ ඇත්තියක් නෙමෙයිලු... නංගිත් ඇරලා නෑ නඟාත් අහලා..."අයියා කොහොමද දන්නේ"...

ඉතින් අපේ බුවා කියලා..." නෑ නංඟි මම මේ ඔයාගේ කරේ පොඩි නූල් කෑල්ලක් තිබ්බා  ඒකයි මං මේ ඇහුවෙ" කිව්වලු."

ඉතින් ගේම අත නොහැරපු නංගා අහපි..." අයියා වැඩකරන්නේ ගැරැජ් එකකද???"

එක පාරම අන්දොස් වෙච්චි අපේ බුවා අහපි " නංඟි ඇයි එහෙම ඇහුවේ????"

ඔන්න මුගේ පැත්තට හැරිච්ච මේ නඟා කිව්වලු පොඩි කොචොක් හිනාවක් දාලා....

" නෑ අයියා... ඔයා ගහපු ජැක් එකේ හැටියට මට එහෙම හිතුනා"  කියලා....

ඊට පස්සේ අපේ බුවා පොලු ගලෝගෙන දිව්වා කියලයි ආරංචි...ලොල්