කිලොමිටර් 35යි
Posted by බයියා on Thursday, January 19, 2012
ඔන්න ඉතින් අපේ අක්කලාට අයියලාට හෙට ඉඳන් ඔෆිස් එක හරියෙන් පොඩි බොඩිං කෑල්ලක් හොයාගන්න වෙනවා...මොකද හෙට ඉඳන් කිලෝමීටර් 35ට වඩා දුරින් ඉන්න සෙට් එකට ට්‍රාන්ස්පොර්ට් දෙන්නේ කිලෝමීටර් 35ක් වෙනකන් විතරයි. ඉතිරි ටික ආතල් එකේ පයින් හරි පොඩි ටැක්සියක හරි තමන්ගේ වියදමින් යන්න පුලුවන්.මුලින්මනන් බයියාගේ කණට වැටුනෙ කි.මි 40ක් කියලා දැන් බැලින්නන් 40හ 35 වෙලා හෙට අනිද්දාට 35,30,25,20..,.,...0 වෙනකන්ම සමගාමී සමීකරණයක් වගේ යයිද කියලත් බයියට පොඩි සැකයක් තියෙනවා.
මේ බයියා ඉතින් ඔක්කොම සෙට් එකට මේ ගැන කල් තියා නිව්ස් එක දීලා තිබ්බණේ කොහෙද ඉතින් මෙකේ එවුන්ට ඔව්වයේ වගක් තියෙන එකක් යෑ...... දැන් ඉතින් හොයපල්ලා අහවල් එක ඉරාගෙන බොඩිං.
මේ සම්බන්ද බයියාගේ පෙර ලිපි සඳහා

