කවුරුත් ආසයි නොවැ අඩුවට හොඳ බඩු ගන්න.. බයියට ෆනි නිව්ස් එකක් කනේ වැටුනා.. මේ කියන්න යන්නෙ ඊ බේ එක ගෙදර වගේ කෙනෙක් ගෙ පිටෙන් පෙන්නන්න පුලුවන් තැනක ඉන්න කෙනෙක් ෆෝන් එකක් ඊ බේ කරගන්න ගිහින් උන අකර තැබ්බයක්.. ඌරගෙ මාලු ඌරගෙම ඇගේ තියලා කපමු කියන්න වෙන දෙයක් වෙන්න කියලා බයියා පෝස්ට් කරා ඕන්..

ගාන අඩුයි මචන්.. ගෙන්නමු ගෙන්නමු කියලා බුවා කොහොම කොහොම හරි ෆෝන් එක ගෙන්නුවයි කියමුකො... අඩේ... මේකෙ සිම් දාන්නෙ කොහාටද කියලා බුවාගෙ දෙලොව රත් උනාලු.. හත් ඉලව්වට ගහපු කලාබරේ වගේ බුවා ගෙන්නලා තියෙන්නෙ ලංකාවෙ පාවිච්චි කරන්න බැරි සි.ඩි.එම්.එ වර්ගයෙ ෆෝන් එකක්!! දැන් කාපන් කො පාන් කියලා.. බුවා භාන්ඩෙ රී ශිප්  කරා කියලා තමයි බයියගෙ කනේ වැටුනෙ.. භාණ්ඩෙත් නෑ.. සල්ලිත් නෑ කියලා බුවා නහයෙන් අඬ අඬ ඉන්නවා කියලා ආරංචියි.. අයියෝ සල්ලි!!!