ඇප්ස් මුෂ්තාක්ගේ වීරක්රියා...
Posted by බයියා on Friday, January 13, 2012
මේක හැබැයි ට්කක් පරන කතාවක්. මේ සිද්දිය වුනේ වෆීගෙ මරණෙගෙදර යද්දී. මේකේ කතා නායකයා තමයි අපේ ඇප්ස් මුෂ්ටාක්. මේකේ ඉතින් ඒ හැටි කියන්න දේකුත් නෑ.. ඒ උනාට මම කියනවා..සිද්දිය මෙහෙමයි උනේ ඔන්න කට්ටිය මුෂ්ටාක්ගේ කාර් එකේ යනවලු. මුශ්ටාක් යනකොට යන්නේ හරියට විනීත රියදුරෙකුට පිස්සු හැදුනහම කොහොමද? අන්න ඒ වගේ කියලයි කට්ට්යනන් කියන්නෙ...
කොහොමහරි ඔහොමයන අතරේ මුෂ්ටාක්ගෙ කාර් එක පැත්තට දඩාර ලේලන්ඩ් බස් එකක් කපලා..කපපු ගමන් අපේ මුෂ්ටාක් එයාගෙ ටිකිරි මොලේ පාවිච්චි කරලා වැඩ දාලා කාරෙඑක ඉස්සරහට අරගත්තලු.. අරගෙන නිකන් ඉඳලා නෑ.. මිනිහට ටිකක් වැඩේට මල පැන්න නිසා මෑන්ස්, බස් එක ඉස්සරහට කාරෙක තියලා ලොකු බ්‍රරේක් එකක් ගහලා...(ඒ වෙලාවේ මුෂ්ටාක්ට හැඟිලා තියෙන්නෙ මිනිහ එලවන්නෙ කන්ටෙනරයක් කියලලු.)
බ්‍රේරෙක් ගහපුගමන් පස්සෙන් ආපු බස් එක ඩෝං ගාලා හැප්පිලා....කාරෙකත් සිං ගාලා ඉස්සරහට විසිවෙලා..විසිවෙනකොටලු මිනිහට මතක් වෙලා තියෙන්නේ මිනිහා එලවන්නේ කාර් එකක් කියලා..(කාර් එකකට පුලුවන්ද බස් එකක් නවත්තන්න... )
දැන් ඉතින් ගොන් පාර්ට් එක ඉවරයි..මෙන්න රියල් ස්ටොරි එක
දැන් ඉතින් ඇනගෙන ඉවරනිසා මුෂ්ටාකුයි අපේ සමිත් අයියයි සද්දේ දාගෙන කාර් එකෙන් බැහැලා " දැන් හරිනේ...දැන් හරිනේ හැප්පුවා නේද" කියාගෙන ගිහිල්ලා. එතකොට බස් එකෙ හිටපු ඩ්‍රරයිවරයා මුන්දෙන්නා දිහා හෙන නෝන්ඩි හිනාවක් දාලා.
මුන්දෙන්නා කොකටත් කියලා කාරෙක දිහා බලලා, බැලින්නන් දෙයියනේ සද්දේයි දුමයි විතරයි...කාර් එකට අවුලක් නැ...
ඩ්‍රරයිවරයගේ කොචොක් හිනාව හින්දා අපේ අයියලා දෙන්නට හෙන අවුල් ඉතින් සමිත් අයියා නොන්ඩියෙන් ගැලවෙන්නත් එක්ක ගේමටම බැහැලා බස්කාරයට හෙන සද්දයක් දාලා..දාපු සද්දෙට ගුටිකෑවනන් තාමත් අපේ එවුන්දෙන්නා ඉස්පිරිතාලෙලු. (LOL)
දැන් සද්දෙට වටේ පිටේ සෙට් එකයි පොලීසියයි ඇවිල්ලා.ඔය අස්සේ අපේ ඉන්සාෆ්(කුංජුමනි )වටවෙලා හිටිය කට්ටිය අස්සෙන් පැනලා මොනවද පොලිස්කාරයට කියන්න ගිහිල්ලා පොලිස්කාරයා "තමුසේ අන්න අරහෙට යනවා ඕයි" කියලා අතදිග ඇරලා කම්මුලටගහන්න හදලා. ඉන්සාෆයා කොහොමහරි එතනින් ගුටි නොකා මාරු වෙලා.
පස්සේ අපේ එවුන් අහලා ඔයා මොකක්ද කුංජුවෝ කියන්න ගියේ කියලා???එතකොට කුංජුවා කියනවලු මූන දෙක කරගෙන " මම කියන්න ගියේ මගේ මස්සිනා මෙහේ මැජෙස්ට්‍රෙට් කියල බං" .
කොහොමහරි අපේ සෙට් එක එතන අම්බානෙකට චාටර් උනා කියලා තමයි බස් එකේ හිටපු මිනිස්සු බයියට කිව්වේ...

